ඛනිජ තෙල් සම්බන්ධ නව ගිවිසුමකට අත්සන් තබයි

ශ්‍රී ලංකා රජය, R.M. parks co-operation සමාගම සහ ෂෙල් සමාගම සමඟ එක්ව ඛනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරිම සහ විකිණීම සම්බන්ධයෙන් වූ නව ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුවක නිර්දේශ මත අද ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම ගිවිසුම අත්සන් කරන ලද බව ජනාධිපති කාර්යාලය දැනුම් දෙනවා.