පින්බර පොසොන් පුර පොහෝ දිනයක් වේවා!

ලංකාද්වීපයට බුදු දහම දායාද කරමින් අනුබුදු මිහිඳු මා හිමියන්ගේ ලංකාගමනය සිදු වූ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා.

මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය, උත්ථිය, සම්බල, බද්දසාල යන රහතන් වහන්සේලා මෙන්ම සුමන සාමණේරයන් වහන්සේත් භණ්ඩුක උපාසකවරයාත් අශෝක අධිරාජයාගේ ඉල්ලීම මත බුදුරජාණන් වහන්සේගේ නිර්මල බුදු දහම රැගෙන අනුරාධපුර මිහින්තලා පව්වට වැඩම කරවීම අද වැනි දිනක සිදුවූ බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වෙන්නේ.

දඩයෙම් මුවෙක් පසුපස ලුහුබඳිමින් සිටි දේවානම්පියතිස්ස රජු ඇතුළු පිරිසට චුල්ලහත්ථි පදෝපම සූත්‍රය දේශනා කොට පසුව රජු ඇතුළු 40,000 ක් පමණ පිරිස තෙරුවන් සරණ ගියේ ද අද වන වූ පොසොන් පොහොය දිනක ය.

මිහින්තලා පව්වේදී භණ්ඩුක උපාසකවරයා පැවිදිකොට මහණ උපසම්පදාව සිදුකිරීම පොසොන් පොහොය දිනයේ සිදුවූ තවත් වැදගත් සිදුවීමකි.

ඉතින් ලොව පුරා බෞද්ධ ජනතාව ආමිසයෙන් හා ප්‍රතිපත්තියෙන් සමරන මේ පොසොන් උත්සවය, සියලු ලෝක සත්ත්වයා සුවපත් වෙන පොහෝ දිනයක් වේවා!

බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය වඩාත් පැතිරෙන, එහි සත්‍ය අවබෝධ වෙන පොහෝ දිනයක් වේවා කියලා අපි ප්‍රර්ථනා කරනවා.