පරණ කෝන්තර අමතක කර “රොක්” ආයෙමත් ෆාස්ට් ඇන්ඩ් ෆියුරීස් සමඟ එක් වෙයි

ලොවපුරා ජනප්‍රිය චිත්‍රපට මාලාවක් වු ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස් සිනමාපටය සඳහා තමන් නැවතත් රඟනයෙන් එකතුවෙන බවට ඩ්වේන් ජොන්සන් පවසා තිබෙනවා.

අතීත සිදුවීම් අමතක කර තමන් සහ වින් ඩීසල් මෙම සිනමා පටයට එකතුවන බවටයි තම ඉන්ස්ටා ගිණුමේ සඳහන් කර තිබුනේ.

ඔවුන් දෙදෙනා ඒ සඳහා නායකත්වය ගන්නා බවටද ඔහු සඳහන් කර තිබෙනවා.

“ප්‍රේක්ශකයින් තමයි මගේ අංක එක” යනුවෙනුයි ඔහු එම සටහනේ දක්වා තිබුනේ.