රජය විසින් මෙම යල කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර මිලදී ගැනීම සඳහා නිකුත් කර තිබෙන වව්චර්වලින් මිලදී ගත යුතු යැයි කිසිදු පොහොර විශේෂයක් අනිවාර්ය කර නැති බව කෘෂිකර්ම අමාත්‍යාංශය අවධාරණය කර සිටිනවා.
රජය විසින් ලබා දෙන මෙම සහනාධාර වව්චර වලට ගොවි ජනතාවගේ කැමැත්ත පරිදි රසායනික පොහොර හෝ කාබනික පොහොර මිලදී ගත හැකි බවයි වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මෙම වව්චර් ඉදිරිපත් කිරීම මගින් රාජ්‍ය අංශයේ ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් හෝ පුද්ගලික අංශයෙන් ගොවීන්ට අවශ්‍ය රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගත හැකි වනවා.

