අවලංගු වන දිනයක් ඇතුළත් නොකර නිකුත් කර ඇති සියලු බරවාහන රියදුරු බලපත්ර අහෝසි කිරීමට කඩිනමින් පියවර ගන්නා බව මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
එහි කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරන්නේ එවැනි පැරණි බරවාහන රියදුරු බලපත්ර ලක්ෂ 11 ක් පමණ මේ වන විට භාවිතයේ පවතින බවයි.
අදාළ බලපත්ර හිමි වයෝවෘද්ධ රියදුරන්ගෙන් වැඩි පිරිසක් තවමත් එම බලපත්රයෙන් වාහන ධාවනය කිරීම මෙලෙස එම බලපත්ර අවලංගු කිරීමට ප්රධාන හේතුව ලෙසයි ඔහු පෙන්වා දෙන්නේ.

