රත්රන් මිල තවත් පහළට

මෙරට රත්රන් මිල ගණන් අද දිනයේ තවදුරටත් පහළ ගොස් ඇති බව නිරීක්ෂණය වනවා.

ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොලේ “කැරට් 22” රන් පවුමක මිල රුපියල් 150,800ක් දක්වා පහළ ගොස් ඇති බවයි වර්තා වෙන්නේ.

පසුගිය සිකුරාදා රුපියල් 165,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 163,000 ක් දක්වා පහත වැටී ඇති බවයි කොළඹ හෙට්ටිවීදිය රත්රන් වෙළදුන් සඳහන් කරන්නේ.