ඉන්ධන කෝටාව ඉහළ දැමීමට තීරණයක්

දැනට ලබා දී ඇති ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කර ඇති බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරනවා.

එළඹෙන මාසයේ ඉන්ධන මිල සංශෝධනයේ සිට එම ඉන්ධන කෝටාව ඉහළ දැමීමට නියමිත බව යි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.