මීළඟ ගෝලීය වසංගත තත්ත්වයට සූදානම් විය යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා.
එම සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ගේබ්‍රියේසස් පෙන්වාදෙන්නේ එය පෙර පැවති කොවිඩ් -19 වසංගත තත්ත්වයට වඩා මාරාන්තික විය හැකි බවය.
ඔහු වැඩිදුරටත් පවසන්නේ මේ වන විටත් කොවිඩ් -19 සම්බන්ධයෙන් වූ ගෝලීය හදිසි අවස්ථාව අවසන් වී තිබුණත් වෙනත් ප්‍රභේදයක තර්ජන මතුවෙමින් පවතින බවත්, ඒ හේතුවෙන් නව රෝගීන් හා මරණ වාර්තාවීම ඉහළ යාමක් සිදු විය හැකි බවත් ය.

