අමෙරිකාවේ ජනාකීර්ණම නගරයක් වන නිව්යෝර්ක් නගරය පොළවට ගිලා බසිමින් පවතින බව නවතම පර්යේෂණයකින් අනාවරණ කර තිබෙනවා.
දත්තවලට අනුව නිව්යෝර්ක් නගරය වසරක කාලයක් තුළ මිලිමීටර් 1ත් 2ත් අතර සැලකිය යුතු අගයකින් ගිලා බසිමින් පවතින බවට හඳුනා ගෙන තිබෙනවා.
පර්යේෂකයින් පවසන්නේ නගරයේ ඉදිකර ඇති උස් කුළුණු සහ ගොඩනැගිලිවල බර මෙම ගිලා බැසීම් වලට හේතු වී ඇති බවයි.
නිව්යෝර්ක් නගරය ආසන්නයේ සාගර ජල මට්ටම 1950 දී පැවති අගයට වඩා සෙන්ටිමිටර් 22කින් ඉහළ ගොස් ඇති බව වැඩිදුරටත් වාර්තා වනවා.

