මාර්ග අංක දෙකක බස් රථ වර්ජනයක්

මාර්ග අංක 190 මීගොඩ – පිටකොටුව සහ මාර්ග අංක 170 අතුරුගිරිය – පිටකොටුව සියලුම පෞද්ගලික බස් රථ අද වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

පෞද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් තරඟකාරී ලෙස ධාවනය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථයේ රියදුරුට එරෙහිව පමණක් නීතිය ක්‍රියාත්මක කර තිබීම මෙම වර්ජනයට හේතු වී තිබෙනවා.