අධික විදුලි බිල නිසා පවුල් 436,000 ක් විදුලිය භාවිතයෙන් ඉවත් වෙයි

විදුලි බිල අධික ලෙස ඉහළ දැමූ පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට මේ දක්වා කාලය තුළදී බොහෝ පවුල් සංඛ්‍යාවක් විදුලි පරිභෝජනයෙන් ඉවත්ව තිබෙනවා.

මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරන්නේ රට තුළ විදුලි පාරිභෝගික පවුල් ලක්‍ෂ හැටක් පමණ සිටින බවත්, එම පිරිසෙන් පවුල් 436,000ක් මේ වසරේ පෙබරවාරි මාසය වනවිට එක විදුලි ඒකකයක්වත් භාවිත නොකරන බවත් ය.

මීට අමතරව ඒකක 90ට වැඩියෙන් විදුලිය භාවිත කළ ලක්‍ෂ හයක පමණ ප්‍රමාණයක් ඒකක 60ට අඩුවෙන් භාවිත කරන කාණ්ඩයට වැටී තිබෙන බවත්, අවස්ථා දෙකකදී අසාධාරණ ලෙස විදුලි බිල වැඩි කිරීමත් සමඟ මේ වනවිට බලශක්ති දරිද්‍රතාව ඉහළ ගොස් තිබෙන බවයි වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.