2021 වසරේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය මත පදනම්ව සිදු කර තිබෙන ශ්‍රේණිගත කිරීම් වලට අනුව ශ්‍රී ලංකාව ද ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට පත් වී තිබෙනවා.
ඒ අනුව එම ලැයිස්තුවේ 17 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන බවයි වාර්තා වෙන්නේ.
මෙම ශ්‍රේණිගත කිරීමේ පළමු වැනි ස්ථානය උතුරු කොරියාවට හිමි වී ඇති අතර දෙවැනි සහ තුන්වැනි ස්ථාන පිළිවෙළින් ඇෆ්ගනිස්තානයට සහ ටජිකිස්තානයට හිමි වී තිබෙනවා.
එසේම මෙම ශ්‍රේණිගත කිරීමේ 20 වැනි ස්ථානය එනම් එම ලයිස්තුවේ දුප්පත්කම අඩුම රටට හිමි ස්ථානය මොංගෝලියාවට හිමි වී තිබෙනවා.

