ලංගම පාසල් වාර ප්‍රවේශ පත්‍ර ගාස්තුව සියයට 25ක් 30 අතර අගයකින් ඉහළ දැමීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
එමෙන්ම විශ්ව විද්‍යාල සහ කාර්මික විද්‍යාල සඳහා ලබාදෙන වාර ප්‍රවේශ පත්‍ර ගාස්තුව ද ඉහළ දැමීමටයි කටයුතු කර ඇත්තේ.
පාසල් ප්‍රවාහන බස් රථ සේවය ඉවත් කරනවාද නැතහොත් තවදුරටත් පවත්වාගෙන යනවාද යන්න තීරණය වන්නේ මෙම ගාස්තු වැඩි කිරීම මත බවයි ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කරන්නේ.

