මෙරට ඇති වූ සන්නද්ධ ගැටුම් දේශපාලන නොසන්සුන්තාවන් හෝ සිවිල් කැළඹීම්වලින් මියගිය පුද්ගලයින් සැමරීම සඳහා කොළඹ නගරය තුළ ස්මාරකයක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව නිදහසින් පසුව එම ගැටුම් වල දී මියගිය ආරක්ෂක අංශ නිලධාරින්, සිවිල් වැසියන් මෙන්ම සටන් කාමීන් ඇතුළු සියලුම පුද්ගලයින් වෙනුවෙන් මෙම ස්මාරකය ඉදි කිරීමට සැලසුම් කර තිබෙනවා.

