එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සමුළුවට ජනපතිටත් ආරාධනාවක්

එක්සත් ජාතීන්ගේ 28 වන දේශගුණික විපර්යාස සමුළුව සඳහා (COP 28) සහභාගීවන ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නයන් මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ආරාධනයක් යොමු කොට තිබෙනවා.

මෙම සමුළුව ලෝක නායකයින්, විද්වතුන් ඇතුළු බොහෝ පිරිසකගේ සහභාගිත්වයෙන් මේ වසරේ නොවැම්බර් මස 30 වන දා සිට දෙසැම්බර් මස 12 වනදා දක්වා ඩුබායි හි එක්ස්පෝ නගරයේ දී පැවැත්වීමට නියමිතය.