පුරා දශක තුනක කාලයක් මෙරට පැවති එල්.ටී.ටී.ඊ ත්රස්තවාදය පරාජයට පත් කර අදට වසර 14ක් සපිරෙනවා.
2009 වසරේ මැයි 18 වන දා නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටී.ඊ නායක වේලුපිල්ලේ ප්රභාකරන් ජීවිතක්ෂයට පත්වීමත් සමඟ එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් කර ශ්රී ලංකාව නැවත එක්සේසත් කිරීමට අපේ රණවිරුවන්ට හැකි වුනා.
ලොව විශාලතම මානුෂිය මෙහෙයුම මඟින් ප්රාණ ඇපයේ සිටි සිවිල් වැසියන් දහස් ගණනක් එල්.ටී.ටී.ඊ ග්රහණයෙන් මුදාගැනිමේ ගෞරවය ද මෙරට ආරක්ෂක අංශ වෙත හිමි වෙනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ එවකට ආරක්ෂක ලේකම්වරයා වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ත්රිවිධ හමුදා සහ පොලිසිය මෙහෙයවනු ලැබුවා.
යුද ජයග්රහණය සැමරීම සඳහා වන රණවිරු සැමරුම් උත්සවය හෙට පස්වරු 4.00ට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් බත්තරමුල්ල රණවිරු සැමරුම අභියසදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

