WhatsApp යෙදුමට නව ආරක්ෂක විධි ක්‍රමයක් හඳුන්වා දීමට Meta ආයතනය කටයුතු කර තිබෙනවා.
ඒ අනුව WhatsApp පරිශීලකයන්ට තමන්ගේ විශේෂිත chats වෙන අයෙකුට බලා ගත නොහැකි වන ආකාරයට රහස් මුරපදයක් හෝ ඇඟිලි සලකුණ භාවිතා කොට සඟවා තැබීමේ හැකියාව ලැබෙනවා.
එසේම මෙම lock කරන ලද chats වෙනම folder එකක් තුළ ගබඩා කෙරෙන අතර notification වලදී එම අදාළ chat එකේ නම සහ ඇතුලත් පණිවිඩය ද සැඟවීම සිදු කෙරෙන බවයි ඔවුන් දැනුම් දෙන්නේ.
Meta ආයතනය පවසන්නේ පරිශීලකයන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමේ අරමුණ ඇතිව මෙම නව පියවර ගෙන ඇති බවත් ඉදිරි සති කිහිපය තුළ මෙම Chat Lock සඳහා තවත් නවතම ආරක්ෂිත අංග එක් කිරීමට කටයුතු කරන බවත්ය.

