අලුත් ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති

නව ආණ්ඩුකාරවරු තිදෙනෙක් අද දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දී දිවුරුම් දී තිබෙනවා.

ඒ අනුව උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පී.එස්.එම්. චාල්ස් මහත්මිය ද, නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස සෙන්දිල් තොණ්ඩමාන් මහතා ද, වයඹ පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ද දිවුරුම් දී තිබෙනවා.