හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සහ හිටපු පළාත් සභා මන්ත්‍රී කංචන ජයරත්නට පනවා තිබූ විදෙස් ගමන් තහනම සම්පූර්ණයෙන් ඉවත් කර තිබෙනවා. ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්.
පසුගිය වසරේ මැයි 09 වනදා අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළව ඔවුන්ට එම විදෙස් ගමන් තහනම පනවා තිබුණා.
අදාළ තහනම ඉවත් කිරීමේ නියෝගය ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත යොමුකරන ලෙසත්, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු එම පිරිසේ විදෙස් ගමන් බලපත්‍ර මුදාහරින ලෙසත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

