මහජන ආධාර කප්පාදුවකින් තොරව එලෙසම

රජය විසින් ලබාදෙන වකුගඩු ආධාර, වැඩිහිටි ආධාර ආදී වූ අනෙකුත් මහජන ආධාර සියල්ල කප්පාදුවකින් තොරව අඛණ්ඩව ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අස්වැසුම ප්‍රතිලාභ ලබාදීම සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් පත්‍රයේ දෙවන උපලේඛනයේ මේ පිළිබඳව නිශ්චිතව සඳහන් කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.