රාජ්ය සේවකයින් පැමිණීම සහ පිටවීම සඳහන් කිරීමේ දී ක්රියාත්මක වූ ඇඟිලි සලකුණු යන්ත්ර භාවිතය අද සිට අනිවාර්ය කර තිබෙනවා.
කොවිඩ් වසංගත තත්ත්වය සමග පසුගිය වසර කිහිපයේ දී මෙම ඇඟිලි සලකුණු යන්ත්ර භාවිතය තාවකාලිකව අත්හිටුවා තිබූ අතර, ඒ හරහා ඇතැම් සේවකයින් වාසි ලබාගත් බවට තොරතුරු වාර්තා වීමත් සමග මෙම පියවර ගෙන ඇත.

