එළඹෙන ජුනි මස 13 වනදා සිට දින 100ක කාලයක් සඳහා නොරොච්චෝලේ බලාගාරයේ 03 වන ඒකකය වසා තැබෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා නිවේදනය කරනවා.
ඒ නියමිත ප්‍රධාන අලුත්වැඩියා නඩත්තු කටයුතු සඳහා ය.
මෙම කාලසීමාව තුළ දී කිසිදු ආකාරයක විදුලි කප්පාදුකින් තොරව, අඛණ්ඩව විදුලිය සැපයීමට අවශ්‍ය පියවර ගන්නා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

