බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තරමක තද වැසි අපේක්ෂා කළ හැකිය.
උතුරු සහ උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ද, ඌව සහ නැගෙනහිර පළාත්වලත් විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ ඉඩකඩක් ද පවතී.
එසේම බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල මෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල ද විටින් විට හමන පැයට කිලෝමීටර් 40ත් 45ත් අතර තද සුළං ඇති විය හැකිය.

