පවතින කාලගුණයත් සමඟ ඉදිරි මාස කිහිපයේ දී ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවත් ඉහළ යාමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
මේ වසරේ ගත වූ කාලසීමාව තුළ පමණක් ඩෙංගු රෝගීන් 32,600ක් වාර්තා වී ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව ඉතාමත් ඉහළ අගයක් ගන්නවා.
එසේම වාර්තා වන රෝගීන් ගෙන් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතට අයත් වනවා.

