ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ශ්‍රී ලංකාවට 9 වැනි තැන

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ප්‍රකාශයට පත් කළ නවතම එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ ශ්‍රී ලංකාව 09 වන ස්ථානය හිමි වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාව එහි පළමු වෙනි ස්ථානයට පත් වී ඇති අතර එහි දෙවෙනි හා තෙවෙනි ස්ථාන පිලිවෙලින් පාකිස්තානය සහ ඉන්දියාව හිමි කර ගෙන තිබෙනවා,

එළඹෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියට ඍජුව සුදුසුකම් ලබා ඇත්තේ ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථාන 8 තුළ සිටින කණ්ඩායම් පමණයි.