කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු වර්ජනයක

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් අද උදෑසන 8 සිට එක්දින වැඩ වර්ජනයක් ආරම්භ කළා.

ඒ ප්‍රසව හා නාරිවේද අංශයේ විශේෂඥ වෛද්‍යවරයා ඇතුළු වෛද්‍යවරුන් පිරිසකට පහරදුන් සැකකරු මෙතෙක් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළ කරමිනි.

කෙසේවෙතත් හදිසි ප්‍රතිකාරවලට වර්ජනයෙන් බාධාවක් සිදු නොවන බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ.