ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සංවිධානයේ ප්‍රධාන පෙළේ අණදෙන නිලධාරියෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඊයේ දිනයේ පමණක් ගාසා තීරයේ සටන්කාමීන් විසින් ඊශ්‍රායලට රොකට් ප්‍රහාර 460කට අධික ප්‍රමාණයක් එල්ල කර තිබෙනවා.
එසේම ඊශ්‍රායල හමුදා ද ගාසා තීරයේ ඉලක්ක 130කට පමණ ප්‍රහාර එල්ල කර ඇති අතර එය මාස 09කට පසු ගාසා තීරයේ ඇති වූ දරුණුතම ගැටුම් ලෙස සැලකේ.

