ජනපති පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට එක් වෙයි

තුන්වන චාර්ල්ස් රජුගේ ප්‍රධානත්වයෙන් පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල නායක සමුළුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගි වී තිබෙනවා.

පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 56 ක නායකයන් ගේ එකතුවෙන් පැවති සමුළුව එංගලන්තයේ පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් කාර්යාලයේ දී පවත්වා තිබෙනවා.

තරුණ සහභාගීත්වය සහ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා සහය දැක්වීමේ දී පොදුරාජ්‍ය මණ්ඩලයේ වැදගත්කම පෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතා ඩිජිටල්කරණය තුළින් සබඳතා ශක්තිමත් කිරීමට කටයුතු කරන ලෙස එහි දී ඉල්ලීමක්ද සිදු කර තිබෙනවා.