ලිට්‍රෝ ගෑස් මිල අඩු වෙයි

අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් සමාගම සිය මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 100කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 3,638කි.

එසේම කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,462 ක් ද, කිලෝ ග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 681 ක් ද වන ලෙස මිල පහත දමා ඇත.