චාල්ස් රජු ගේ රාජාභිෂේකයට රනිල් ට ත් ආරාධනා

තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටත් ආරාධනා කර ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරනවා.

විදේශ රටවල ආගමික නියෝජිතයින්, රජ පවුල්වල නියෝජිතයින්, ජනාධිපතිවරුන්, ජනප්‍රිය පුද්ගලයින් ඇතුලු 2,000 කට ආසන්න පිරිසක් මෙම රාජාභිෂේකය සඳහා එක්වීමට නියමිතව බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

රාජාභිෂේකය ලබන මැයි 06 වන දා වෙස්මිනිස්ටර් ආසන දෙව් මැදුරේදී සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.