රුසියාව හා යුක්රේනය අතර සාම මෙහෙයුමකට පාප් වහන්සේ සැරසෙයි

රුසියාව සහ යුක්රේනය අතර ගැටුම අවසන් කිරීමට වතිකානුව සාම මෙහෙයුමක නිරත වීමට සූදානම් බව ශූද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසනවා.

හංගේරියානු සංචාරයෙන් පසු වතිකානුව බලා යන ගමන අතරතුර ගුවන් යානයේ දී මාධ්‍යවේදීන් අමතමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම රුසියාවට රැගෙන ගිය යුක්රේන දරුවන් ආපසු ගෙන්වා ගැනීමට කටයුතු සූදානම් කරන බවත්, මෙම සාම මෙහෙයුම සම්බන්ධයෙන් ඉදිරියේදී තමන් වහන්සේ කරුණු හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වන බවත් උන් වහන්සේ දන්වා සිටිනවා.