කෘතිම බුද්ධිය හෙවත් AI භාවිතය රට තුළ ප්රවර්ධනය කිරීමට ක්ෂේත්රයේ ප්රවීණයන්ගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවන ලෙසට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.
ලෝකය කෘතිම බුද්ධිය සමඟ ඉදිරියට යන ගමනට ශ්රී ලංකාවත් එකතු වීමට නම් ඒ සඳහා වැඩිපුර ආයෝජනය කළ යුතු බවත් එහි එක් පියවරක් ලෙස ලබන වසරේ AI තාක්ෂණය සඳහා රුපියල් බිලියනයක් වෙන් කිරීම රජයේ අපේක්ෂාව බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටින්නේ.

