බස් හා ත්‍රීවිල් ගාස්තු ගැන ගත් තීරණය

ඉන්ධන මිල ගණන් පහත දැමුවත් බස් හා ත්‍රීවිල් ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු නොවන බවයි වාර්තා වෙන්නේ.

සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසන්නේ රුපියල් 7කින් වැනි සුළු මුදලකින් පෙට්‍රල් මිල පහත දැමීම ගාස්තු වෙනසක් සිදුකිරීමට ප්‍රමාණවත් නොවන බව යි.

ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමය ද පවසා සිටින්නේ පොදු ප්‍රවාහන සේවය ගුණාත්මක සේවයක් කිරීමට අමාත්‍යවරයා කිසිදු පියවරක් මේ වන තෙක් ගෙන නොමැති වීම හේතුවෙන් ඩීසල් මිල රුපියල් 15කින් පහත දැමූවද බස් ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු කිරීමට හැකියාවක් නොමැති බවයි.

යම් හෙයකින් විද්‍යුත් ක්‍රමවේදයක් තුලින් ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ පහසුකම ඇති කරන්නේ නම් මෙම ඉන්ධන මිල අඩු වීමේ වාසිය ජනතාවට ලබා දිය හැකි බවයි ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.