ආරක්ෂක හේතූන් මත ඉන්දියාව ජංගම දුරකථන යෙදවුම් රැසක් අවලංගු කරයි

පාකිස්තාන ත්‍රස්තවාදීන් විසින් ජම්බු කාශ්මීරයට තොරතුරු සම්ප්‍රේෂණයට භාවිතා කළා යැයි සැලකෙන ජංගම දුරකථන යෙදවුම් 14 ක් අවලංගු කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබෙනවා.

Crypviser, Enigma, Safeswiss, Wickrme, Mediafire, Briar, BChat, Nandbox, Conion, IMO, Element, Second line, Zangi, Threema ආදිය ඒ අතරට අයත් ය.

මීට පෙර ද ඉන්දියාව විසින් සිය රාජ්‍යයේ ආරක්ෂාවට සහ මහජන සාමයට අගතියක් බවට චෝදනා කරමින් චීන යෙදුම් රැසක් ද තහනම් කර තිබෙනවා