දැවැන්තම මැයි රැලිය පොහොට්ටුවෙන්

මෙවර දැවැන්තම මැයි දින රැලිය පවත්වන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ බව එහි ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාග‍ර කාරියවසම් මහතා ප්‍රකාශ කරනවා.

ඔහු පවසා සිටින්නේ, ඒ සඳහා කොළඹ නගරයේ තිබෙන විශාලම ස්ථානය දැනටමත් සූදානම් කර ඇති බවයි.

මාධ්‍යය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ බල්ලන් බිරුවට තවලම ගමන නොනවත්වනවා සේ තම පක්ෂය ද රට වෙනුවෙන් , රටේ අනාගතය වෙනුවෙන් ඇපකැප වී කටයුතු කරන බවයි.