දකුණු පළාත තුළ මී උණ රෝගය ඉතා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රජා වෛද්‍ය විශේෂඥ අමිල චන්ද්‍රසිරි මහතා පවසනවා.
ඒ ගාල්ල දිස්ත්‍රික්කයේ මේ වසරේ ගත වූ කාලය තුළ පමණක් මරණ 19ක් වාර්තා වී තිබීමත් සමඟ ය.
අපිරිසිදු ජලය, තෙත පස හෝ මඩ ආශ්රිත ඕනෑම කාර්යයක් සිදුකරනු ලබන පුද්ගලයින් මී උණ රෝගයට ගොදුරුවීමේ අවදානමක් පවතින බැවින් ඉතාමත් සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස ජනතාවට දැනුම් දෙනවා.

