විදෙස් ප්‍රේෂණ හා සංචාරක ඉපයීම්වල වර්ධනයක්

මේ වසරේ මාර්තු මාසයේ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ මෙන්ම සංචාරක ඉපයීම් ද සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබෙන බව ශ්‍රී ලංකා මහා බැංකුව වාර්තා කරනවා.

ඒ අනුව මේ වසරේ මාර්තු මාසය තුළ විදෙස් ගත ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 568ක් දක්වා ද සංචාරක ඉපයීම් අමෙරිකානු ඩොලර් මිලියන 198ක් දක්වා ද ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර මාර්තු මාසය අවසන් වන විට මෙරට දළ සංචිත ප්‍රමාණය ද අමෙරිකානු ඩොලර් බිලියන 2.7 දක්වා වැඩි වී තිබෙනවා.