පාලන මිලට වැඩියෙන් බිත්තර අලෙවි කල වෙලෙදුන්ට ලක්ෂ 6 ක දඩයක්

රජයේ පාලන මිලට වඩා වැඩි මිලට බිත්තර අලෙවි කල වෙලෙදුන් 06 දෙනෙකු ඊයේ (28) දින නුවරඑලිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලය මගින් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුවන් වරද පිලිගත් නිසා එක් සැකකරුවෙකුට රු ලක්ෂය බැගින් සැකකරුවන් 06 දෙනාට රු ලක්ෂ 06 ක දඩ මුදලක් ගෙවන ලෙසට හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ෆරුක් ඩින් මහතා නියෝග කරනු ලැබුවා.