දිස්ත්‍රික්ක දෙකකට නාය යෑමේ අවධානමක්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් පවතින වර්ෂා සහිත කාලගුණය හමුවේ දිස්ත්‍රික්ක දෙකකට නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හා රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නප්‍රර සහ ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලත් ජනතාවට නාය යාම් සම්බන්ධයෙන් විමසිලිමත්වන ලෙසට දන්වා සිටිනවා.