අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක්-යෙඕල් විසින් දෙරට අතර නව න්‍යෂ්ටික අවි ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.
උතුරු කොරියාවෙන් එල්ල වන න්‍යෂ්ටික තර්ජනවලට මුහුණ දීම සඳහා දකුණු කොරියාවට සහය වීම හා දෙරට අතර සහයෝගීතාවය වර්ධනය කිරීම මෙම න්‍යෂ්ටික අවි ගිවිසුමේ අරමුණ බව අමෙරිකාව ප්‍රකාශ කරනවා.
මෙම ගිවිසුමට සමගාමීව අමෙරිකානු න්‍යෂ්ටික සබ්මෑරීන දකුණු කොරියාව වෙත යැවීමට නියමිතව ඇත. ඒ වසර 40 කට පමණ පසුව ය.

