රුසියාව හා යුක්රේනය අතර පවතින ගැටුම් හමුවේ යුක්රේන සහ චීන ජනාධිපතිවරු මුල්වරට දුරකථන සංවාදයක නිරත වී තිබෙනවා.
පැයකට ආසන්න කාලයක් මෙම දුරකතන සංවාදය පැවති බවයි චීන විදේශ අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
එහිදී චීන ජනාධිපති ෂී ජිං පින් ප්‍රකාශ කර ඇත්තේ රුසියාව සමඟ පවතින ගැටුම් සාකච්ඡා මාර්ගයෙන් විසදා ගත යුතු බවත් ඒ සඳහා මැදිහත් වීමට චීන රජයේ දූත පිරිසක් ඉදිරියේදී යුක්රේනයට පැමිණීමට නියමිත බවත් ය.

