දකුණු මුහුදේ දී නාවික හමුදාව ඊයේ සිය භාරයට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය අද පෙරවරුවේ ගොඩබිමට රැගෙනවිත් තිබුණි.
නාවික හමුදාව ප්‍රකාශ කළේ එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන තුනහමාරක් බවය.
ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සමඟ එක්වී ශ්‍රී ලංකාවට දකුණෙන් හම්බන්තොට කුඩා රාවණා ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 132ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදේ පසුගිය 15වනදා විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබුණි.

