ඩුබායි හි නිවාස සංකීර්ණයක හටගත් ගින්නකින් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් තිබේ.
එහිදී තවත් පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අල්රාස් ප්‍රදේශයේ පිහිටි අදාළ නිවාස සංකීර්ණයේ සිව්වන මහලේ ගින්න හටගෙන තිබුණි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මියගිය පුද්ගලයින් ද කුමන ජාතිකයින් ද යන්න පිළිබඳව මෙතෙක් හඳුනාගෙන නොමැති බව වාර්තා වේ.
ඩුබායි රාජ්‍යයේ මිලියන 3.3ක් වන ජනගහනයෙන් සියයට 90ක්ම විදේශිකයින් බව සඳහන්ය.

