තුර්කියේ භූ කම්පනයක්

තුර්කියේ අෆ්සින් ප්‍රදේශයේ රිච්ටර් මාපාංක ඒකක 4.0ක ප්‍රබලත්වයකින් යුතු භූකම්පනයක් හටගෙන ඇත.

එය අෆ්සින් ප්‍රදේශයේ සිට කිලෝමීටර් 10ක පමණ ගැඹුරක හට ගෙන තිබේ.

භූ චලනය නගර රැසකට දැනී ඇති අතර ඇතැම් ජනතාව නිවෙස් අතහැර ආරක්ෂිත ස්ථාන වෙත යොමුව ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් සිදු වූ ජීවිත හෝ දේපළ හානි පිළිඹදව මෙතෙක් නිශ්චිතව වාර්තා වී නොමැත.