උණුසුම් කාළගුණය තවදුරටත්

නැගෙනහිර, උතුරු මැද යන පළාත් මෙන්ම කුරුණෑගල, කිලිනොච්චි, වවුනියාව, මුලතිව්, මන්නාරම, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වල ද අද දින උෂ්ණත්වය සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.

දිගු වෙලාවක් එළිමහනේ රැඳී සිටීමෙන් වලකින ලෙසත්, හැකි තරම් දියර වර්ග පානය කරමින් ඇති විය හැකි විජලන තත්ත්ව වළක්වා ගැනීමට කටයුතු කරන ලෙසත් සෞඛ්‍ය අංශ දැනුම් දේ.

මේ අතර පවතින වර්ෂා තත්ත්වය මත බණ්ඩාරවෙල, කෑගල්ල සහ බලන්ගොඩ යන ප්‍රදේශ වලට ප්‍රකාශයට පත් කෙරුණු නාය යාමේ අවධානම අද රාත්‍රී 11 දක්වා ක්‍රියාත්මක වේ.