සෞදි ගුවන් යානයකට ප්‍රහාරයක්

සෞදි මගී ගුවන් යානයකට සුඩානයේ කාර්ටොම් ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සුඩානයේ සිට සෞදි බලා පියාසර කිරීමට සූදානම්ව තිබූ සෞදි ගුවන් සේවයට අයත් A-330 වර්ගයේ ගුවන් යානයකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

ගුවන් මගීන්ගේ සහ ගුවන් යානයේ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව තහවුරු කොට ඇත.

සෞදි කැරලිකරුවන් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට සැක පල කරයි.