මගෙ අත උලුක්කුවක් වුනා

මේ වන විට අපේ රටේ සිටින පුංචි තිරයේ නිරන්තරයෙන් දැක ගැනීමට හැකි වන සුන්දර හුරුබුහුටි රංගන ශිල්පිනියක් තමයි  රුක්ෂානා දිසානායක කියන්නේ.ඉතින් පසුගිය දවසක අලුත් අවුරුදු දා ඇයට ඉතාමත් අපූරු සිදුවීමකට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවා.

ඒ ඇය සියත රූපවාහිනි නාලිකාව ඔස්සේ සංවිධානය කරන ලද අවුරුදු උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුවයි.

“පසුගිය සියත අවුරුදු උත්සවයකට ද සහභාගී වෙලා ඉන්නකොට කණාමුට්ටි බිදින තරගාවලියක් මම බලාගෙන හිටියා.ඒ බලාගෙන ඉන්නකොට ඒ ගහපු කෙනාගෙ පොල්ල ඇවිල්ල මගේ අතේ වැදුනා.අම්මෝ එදා නම් මම අනූනවයෙන් තමයි බේරුනේ.

ඒ උනාට අතෙ උලුක්කුවක් ඇතිවෙලා සතියක් විතර ප්‍රතිකාර ලබා ගත්තට පස්සේ තමයි අත යථා තත්ත්වයට පත්වුණේ.හැබැයි එදා වුණ සිදුවීම මතක් වෙනකොට අදටත් ලොකු බයක් හිතට දැනෙනවා.ඒ තරමට මුට්ටියට ගහපු පාර වේගවත්.ආයනම් කණාමුට්ටි ගහන පැත්ත පළාතක මම ඉන්නේ නැහැ කියලා හිතා ගත්තා.”