අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර ඉටු කර බොහෝ දෙනෙකු මේවන විට නෑගම්, විනෝද චාරිකා සහ වන්දනා චාරිකාවලට එක් වී සිටිනවා. එලෙස නිවසින් බැහැරව යන අවස්ථාවේදී තමන් මෙන්ම අන් අයගේ ආරක්ෂාව වෙනුවෙන් රිය ධාවනයේදී සැලකිලිමත්වන ලෙසයි පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ.

