බැඳුම්කර හිමියන්ගෙන් යෝජනාවක්

ශ්‍රී ලංකාවට ණය ආධාර ලබා දී ඇති පෞද්ගලික ණය හිමියන්ගේ කමිටුව විසින් ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ පළමු යෝජනාව මෙරට බලධාරීන්ට එවා ඇති බවට වාර්තා වේ.

ඩොලර් බිලියන 12 ක වටිනාකමකින් යුතු බැඳුම්කර ඔවුන් සතු වේ.

එම යෝජනාව එවා ඇත්තේ පැරිස් සමාජයේ ණය හිමියන් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් සාකච්ඡා ඇරඹීමට සූදානම් වන පසුබිමක ය.