සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය ලකුණු 88කින් ජය ගැනීමට පකිස්ථාන කණ්ඩායම සමත් වුණා.
ලාහෝර්හී දී පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් පකිස්ථානය ,සිය පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 182 කි.
ලකුණු 183 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ, ලකුණු 94 ක් පමණි.
පන්දු යැවීමේදී ලකුණු 18කට කඩුළු 04ක් බිද හෙලූ හැරිස් රවුෆ් තරගයේ වීරයා සම්මානය දිනා ගනු ලැබිණි.
තරග 05කින් සමන්විත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ දෙවන තරගය අද පැවැත්වීමට නියමිත ය.

